W. D. Amaradeva - Maa Wawulan lyrics
Artist:
W. D. Amaradeva
album: Best of Pandith Amaradeva, Vol. 01
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එන තුරු හඬා වැටෙද්දී
නුඹට දැනුන පාළුව දුක මෙදා මටත් මලේ
නුඹ නැති දා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මං යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැති දා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
Поcмотреть все песни артиста
Other albums by the artist