Kishore Kumar Hits

W. D. Amaradeva - Hanthane Kandu Muduna lyrics

Artist: W. D. Amaradeva

album: Aradhana


හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්

තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවණේ
සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ
මිරිඟු සයුර විණි අතීතයේ
මිරිඟු සයුර විණි අතීතයේ

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists