Thilina Ruhunage - Ayemath Adaren - Remix lyrics
Artist:
Thilina Ruhunage
album: Ayemath Adaren Remix
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතය තිබුනා
හඩන නිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
Поcмотреть все песни артиста
Other albums by the artist