Damith Asanka - Nuwara Eliye lyrics
Artist:
Damith Asanka
album: Nuwara Eliye - Single
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
ගාලු කොටුවේ බැම්ම වගේ
රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ
සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ
දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
මහවැලි ගඟ බෙදුවා වගේ
ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ
මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ
හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
Поcмотреть все песни артиста
Other albums by the artist