Shehan Kaushalya - Himikari lyrics
Artist:
Shehan Kaushalya
album: Himikari
රූ සදවන් ඈගේ
සිත්මානේ පායා සිහිනෙන් වාගේ
නෙත් රහසේ ලංවී
සිහිලැල්වූ මල් වරුසාවක් වෑහේ
පැහැසර ආදරේ දල්වාලා
සුරඟන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා
පැහැසර ආදරේ දල්වාලා
සුරඟන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා
♪
පායා නෙත් මානේ
සුරඟනක හසරැල් සලාලා
(සලාලා)
මායාවක් වාගේ
ඒ හීන හැබැහින් මැවීලා
නුඹ එන්න හද ළඟට වී
(හද ළඟට වී)
සැනහෙන්න දිවියේ යලී
සිත සොයන සිහිලැල්ල
ඔය නෙතු ළඟයි සෑමදා
පැහැසර ආදරේ දල්වාලා
සුරඟන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා
♪
ස්නේහේ මතුසාදේ
ශෘංගාර හැඟුමන් පිරීලා
සැනහී හසරැල්ලේ
ඉමු මේලෙසින් සිත් බැඳීලා
ලොව යාවී අදුරේ ගිලී
(අදුරේ ගිලී)
දල්වන්න ඔයනෙත් එළී
වෙන්නොවන වස්සානේ
ඔය නෙතු ළගයි සෑමදා
පැහැසර ආදරේ දල්වාලා
සුරඟන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා
Поcмотреть все песни артиста
Other albums by the artist