Shehan Kaushalya - Mage Hithe - Acoustic lyrics
Artist:
Shehan Kaushalya
album: Mage Hithe - Single
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණා
ආයෙ නොයෙන්න මා ගියත් පාළුවේ දමා
මාගෙ සිනා පා වුණා ඈත ගිය දා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
♪
හෙමිහිට මාගේ නෙතු ලඟ
කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව
මැවි මැවි පායාලා
වෙන් වුණත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑ මේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
♪
ඉඳහිට ආයේ හමුවෙලා
දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා
මදකට ලංවීලා
කවුරුවත් නෑ මේ තරම්නං ආදරේ දීලා
යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
Поcмотреть все песни артиста
Other albums by the artist