ඉල් මාසේ...
ඉල් මාසේ නිල් වැස්සට
ඉදලොලු පිපිලා
ඉරිඟු කරල් හේනේ ඉදන්
මට අත වැනුවා
එන්නට බෑ... බණ්ඩාරේ,
එන්නට බෑ, බණ්ඩාරේ
මට දුක හිතුනා
මට දුක හිතුනා
කඩොලු තහංචි කරලා
වරිග සභාව තියලා
මට ගෙයින් දොරට
බහින්න තහනම්
මගේ ඇස දෙකටත්,
මගේ ඇස දෙකටත්
අඬන්න තහනම්
ඉල් මාසේ නිල් වැස්සට
ඉදලොලු පිපිලා
ඉරිඟු කරල් හේනේ ඉදන්
මට අත වැනුවා
එන්නට බෑ... බණ්ඩාරේ,
එන්නට බෑ, බණ්ඩාරේ
මට දුක හිතුනා
මට දුක හිතුනා
වැටේ බෝ අතු බැඳලා
ගමේ අන්දර පිරිලා
ආදරේ අයිති නිලමෙලාට නම්
මගේ බණ්ඩාරේ,
මගේ බණ්ඩාරේ
අඬන්න තනියෙන්
ඉල් මාසේ...
ඉල් මාසේ නිල් වැස්සට
ඉදලොලු පිපිලා
ඉරිඟු කරල් හේනේ ඉදන්
මට අත වැනුවා
එන්නට බෑ... බණ්ඩාරේ,
එන්නට බෑ, බණ්ඩාරේ
මට දුක හිතුනා
මට දුක හිතුනා
Поcмотреть все песни артиста
Other albums by the artist