සිත්තරාවි මා කියා
සුසුම් සියුමැලි
සියුම් පෙත්තක
ආදරේ සිත්තම් කළා
සුළඟේ පාවෙන
හැඟුම් සුසුමෙක
සිහිනයට මා කැඳවා තියා
ආදරේ මේ කියා
මොනවදෝ කෙරුවේ ඔයා
මාව පෙම්වතියක් කළා
මොනවදෝ කෙරුවේ ඔයා
මාව පෙම්වතියක් කළා
තනිව ඉද්දී මොකුත් නොදැනිම
පාළුවක් තිබුනා කියා
මගේ හදටම ඔබම ඇවිදින්
කවි හිතක් පපුවේ තියා
ඔබව සිත සිත, ඔබව ලුහුබැඳ
නින්ද නැති කරලා ඔයා
මාව පෙම්වතියක් කළා
රෑක කළුවර අතර සිරකොට
හීනයක සතපා ඔතා
ඔබම පමණක් පේන තැනකට
මටද නොදැනිම ලං වෙලා
හීන යායක අතරමං කොට
නින්ද නැති කරලා ඔයා
මාව පෙම්වතියක් කළා
සිත්තරාවි මා කියා
සුසුම් සියුමැලි
සියුම් පෙත්තක
ආදරේ සිත්තම් කළා
සුළඟේ පාවෙන
හැඟුම් සුසුමෙක
සිහිනයට මා කැඳවා තියා
ආදරේ මේ කියා
මොනවදෝ කෙරුවේ ඔයා
මාව පෙම්වතියක් කළා
මොනවදෝ කෙරුවේ ඔයා
මාව පෙම්වතියක් කළා
Поcмотреть все песни артиста
Other albums by the artist