Kishore Kumar Hits

Kasun Kalhara - Eka Wasanthayaka - Live lyrics

Artist: Kasun Kalhara

album: Kasun Kalhara Live in Concert


එක වසන්තයක, එක රාත්රියක
දැනුනා මතකයි, මට ඉබේම වාගේ
ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි
හද ලුහුබැඳ ඉව කරලා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද, එනමුදු ඒ ඔබමද,
ඔබමද ඒ සොඳුර
ඒ වසන්තයෙදි හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස,
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස, සොඳුර
ඒ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසු වනු පිණිස,
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස, සොඳුර
එක වසන්තයක, එක රාත්රියක
දැනුනා මතකයි, මට ඉබේම වාගේ
ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists