Kasun Kalhara - Sanda Ona lyrics
Artist:
Kasun Kalhara
album: The Romantic Opera
සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා
අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා
අරුමෝසම් පෑ
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා
තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා
හිත විමසාලා
ඈ වීණා රෑ ඕනෑ නෑ තවත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා සිපගන් ඕනා
ඈ කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා
මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
Поcмотреть все песни артиста
Other albums by the artist