H.R. Jothipala - Panawage Hitiyata lyrics
Artist:
H.R. Jothipala
album: Dolos Mahe Paana
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
හදවත පලලා උණු ලේ දහරින්...
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ...
නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ
කඳුලින් සුසුමෙන් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
Поcмотреть все песни артиста
Other albums by the artist