Gunadasa Kapuge - Dam Patin La - Radio Version lyrics
Artist:
Gunadasa Kapuge
album: Gunadasa Kapuge, Vol. 01
දම්පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයී...
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්
සෙවනැලි නොමැකේ නම්...
එලිය කළු නොවේ නම්
සෙවනැලි නොමැකේ නම්...
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබෙ
සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා
දම්පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයී...
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්
රෑ කල දිගුවේ නම්...
ලා සඳ නොමැකේ නම්
රෑ කල දිගුවේ නම්...
ලා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා...
දම්පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයී...
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්
Поcмотреть все песни артиста
Other albums by the artist