Kishore Kumar Hits

Gunadasa Kapuge - Chandani Payala Adare lyrics

Artist: Gunadasa Kapuge

album: Gunadasa Kapuge with Sun Flower 03


චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
(චාන්දනී පායලා ආදරේ-
නාමල් සුගන්දේ වසන්තේ පුරා)
නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ
(ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා-
නාමල් නෙළන්නයි ඇරැයුම් කළේ)
මල්මාලියේ
(ඔබේ පැතුම මා)
ඒ පැතුම මේ සසරේ සපුරා රැඳෙයි
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
(ආවත් නැගී නුඹ-
ඈතින් ඉඳින් සඳ-
නාමල් විමානේ අපටයි සඳේ)
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නාමල් නෙලන්නට සඳරැස් හැලේ
මල්මාලියේ
(ඔබේ පැතුම මා)
ඒ පැතුම මේ සසරේ සපුරා රැඳෙයි
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
(චාන්දනී පායලා ආදරේ-
නාමල් සුගන්දේ වසන්තේ පුරා)
චාන්දනී පායලා ආදරේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists