Gunadasa Kapuge - Aan Nage lyrics
Artist:
Gunadasa Kapuge
album: Gunadasa Kapuge with Sun Flower 02
ආන් නගේ සල් අත්තේ පාන්කිරිත්තා
මේන් බලාපන් හනිකට අඩා පනින්නා
හිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දා
නගේ ඌ තනි හින්දා
අයියණ්ඩි ඉගිලුණාද පාන්කිරිත්තා
ආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා
රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
රටා පුරන සෙවණැලි පෙළ දියේ ඇදෙන්නේ
හීන් නගා හෙට මං යන පාර බලන්නා
හිරු දෙවියෝ ඉර සේවෙට ඒවි ද මන්දා
ආන් නගේ සල් අත්තේ පාන්කිරිත්තා
පාන්කිරිත්තා
මිදුල පුරා ඔළිද වැලේ ඇට ඉහිරෙනවා
කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගනිනවා
කොලොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහිවී හිත එතකොට ගම රට යනවා
ආන් නගේ සල් අත්තේ පාන්කිරිත්තා
මේන් බලාපන් හනිකට අඩා පනින්නා
හිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දා
නගේ ඌ තනි හින්දා
අයියණ්ඩි ඉගිලුණාද පාන්කිරිත්තා
ආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා
Поcмотреть все песни артиста
Other albums by the artist