Ajith Bandara - Asapiya Salana Nisa lyrics
Artist:
Ajith Bandara
album: Thilaka Thiyanna
අැසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්යාංගනාවක් නොවේ කියා
කඳුලැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් අාකාසය වගේ කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනගත්තා ඔබ දිව්යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ආදරේට ලොව සීමා නොහැඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා
දැනගත්තා ඔබ දිව්යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
අැසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්යාංගනාවක් නොවේ කියා
කඳුලැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් අාකාසය වගේ කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
Поcмотреть все песни артиста
Other albums by the artist