Kishore Kumar Hits

Chamara Ranawaka - Weralu Gedi lyrics

Artist: Chamara Ranawaka

album: Hits by Chamara Ranawaka


වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා

මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා
මැවූ හීන උහුලන්න බැරි දැන් තමා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා

වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නේ නුඹ දෙන්න මං තනි වුණා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ දිලිසුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
මගේ ලෝකේ කළුවර වුණා
මගේ ලෝකේ කළුවර වුණා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists