Chamara Ranawaka - Kambi Thappeta lyrics
Artist:
Chamara Ranawaka
album: Hits by Chamara Ranawaka
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
♪
පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පං පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනි
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
♪
වාට්ටුවේ අය එකා වගේමයි
පසුතැවි තැවි තනියම අඩලා
රජ සිටු මැතිවරු ලෝකේ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ
උබ අඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔලුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ.
Поcмотреть все песни артиста
Other albums by the artist