හීන ජිවිතේ සොයාලා
මහපාරේ පියමැනලා
කාසී කොල සුවඳ මාරුතේ
කාසී මල් පෙති සිඹලා
ජීවිතේ කඳුළු සාගරේ සන්තාපේ සෝ ගෙවාලා
මේ කඳුළු පැණි රහ කරලා සැරිසරනවා
ඇල් වතුර බොන්නෙත් නිවලයි
මහ පොලොවෙ පය ගහලා
මේ දෑතේ කරගැට උරුමයි
අව් කට්ටේ බිම් කොටලා
තේ කහට උගුරක් බීලා
පිල් කඩක දිග ඇදිලා
අපි හෙව්වේ අපේ ජීවිතයයි
යෞවනය මග හැරලා
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
ගල් බොරළු අතරින් ගලනා ගංගාවේ රුව දිලෙනා
මේ ලෝකේ දුක් රස විදිනා කොලු රෑනේ මන බදිනා
ආදරය රිදුමක් එලෙසයි විදගන්නේ හිත ඉවසා
සතෙන් සතේ අපි සෙව්වේ මහ පොළොවේ දුක් විදලා
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
හීන ජිවිතේ සොයාලා
මහපාරේ පියමැනලා
කාසී කොල සුවඳ මාරුතේ
කාසී මල් පෙති සිඹලා
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ
ලෝධම එලෙසින් ආ
Поcмотреть все песни артиста
Other albums by the artist