eTunes - Heetha Hirikada lyrics
Artist:
eTunes
album: Valentine's Special 2023
හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා
ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ
මේ සැනසුම දෙන උරතලේ
සුසුමක උණුහුම දැනි දැනී
සැනසෙමි තව තව ලං වෙවී
සසරේ සැමදා
දෝවමි හදවත හිතුමතේ
නොසිඳෙන සෙනෙහස් උල්පතේ
යළි යළි විමසන හැම වරේ
ඉතිරී ගලනා
ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ
හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා
ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ
Поcмотреть все песни артиста
Other albums by the artist