Raween Kanishka - Obata Lanvee lyrics
Artist:
Raween Kanishka
album: Obata Lanvee
ඔබට ලං වී ලගින් ඉන්නට හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්
මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං
♪
ආදරේ මල් පියලි අතුරා හදවතේ මලුවේ
මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ
ඇයි ඉතින් මගේ හිතට දුක් දෙන සුසුම් වැල් හෙලුවේ
මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං
♪
කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා එපමණයි මතක
යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික
මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං
Поcмотреть все песни артиста
Other albums by the artist