තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
කතා කරන්නට හිටියත් හැමදාම අනේ
ලස්සන මගෙ අහංකාර කෝඩුකාරියේ
සඳ වටකර තරු පෑයු මේ රිදී රැයේ
පෑල දොරෙන් එබී බලන් හංස ධේනුවේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
පිනි බිඳුවක් තවරන්නම් ඔය දෙතොලෙ ප්රියේ
අවසර දෙනවද මගෙ සඳ මල්කුමාරියේ
සිහින ගඟේ පාවෙමු අපි මේ රාත්රියේ
සඳට හොරෙන් හිනාවෙයන් හඳ දයාවියේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
Поcмотреть все песни артиста
Other albums by the artist