Sanath Nandasiri - Pemathura Hengum lyrics
Artist:
Sanath Nandasiri
album: Sanath Nandasiri with Sunflower Vol. 1
පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානේ සදා සරනා ආයචනා සුසුම්
නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
නියාලුව හදින් පියා නෙතුපියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
අරාජික පාරාදීසය සොයා එමි සිතින්
පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානේ සදා සරනා ආයචනා සුසුම්
නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
අරා සිරි යහන් නිදා වැතිරෙමින්
සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණි න් පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානේ සදා සරනා ආයචනා සුසුම්
නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්
Поcмотреть все песни артиста
Other albums by the artist