ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී...
♪
රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී
රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී
හිරු අවරට ඇදුනා
පාළුව තනිකම රජයන විටදී
පාළුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී...
♪
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී
ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා
Поcмотреть все песни артиста
Other albums by the artist