6th LANE - Amma lyrics
Artist:
6th LANE
album: 6th Lane
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි
උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ
ආලෝකය දුන්
සඳකැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
Поcмотреть все песни артиста
Other albums by the artist