Kishore Kumar Hits

Indrani Perera - Sanakeliye lyrics

Artist: Indrani Perera

album: Dilhani


එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණා ද
ඔබ මා ළඟ සිට ගත්තේ කොයි පැත්තෙන් පාවුණා ද
අක්කා, අයියා, නංගී, මල්ලී මැද මගෙ සිත ගොළු වුණා ද
දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණා ද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්
මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණා ද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියා ද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවා ද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරි පැතිරී ගියා ද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists