Amarasiri Peiris - Adaraye Unusum Susum lyrics
Artist:
Amarasiri Peiris
album: Charu Dehe
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී
ලොව නවතීවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
දේදුණු දෙබැමින් ඉඟිකරමින්
හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්...
බිළිඳකු සේ ළමැදේ
ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි ද සිතේ...
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී
ලොව නවතීවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
සීතල දෙතොලින් සිසිලසකින්
මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑගෙයි...
හාදු මතින් නළලේ
උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී
ලොව නවතීවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම්
සුවඳද මෙතරම්...
Sanjaya
Поcмотреть все песни артиста
Other albums by the artist