Amarasiri Peiris - Mihiriye Numbe lyrics
Artist:
Amarasiri Peiris
album: Ganga Gala Yaden
මිහිරේ නුඹේ
මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා
මිහිරේ නුඹේ
මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
මේ ආදරය තමා
ස්වේත මීදුමින් රෑම වෙලීලා
සීත මුවහතින් මාව මුදෝලා
මාගේ පයේහි
නූපුර හිනාව
රැයේම නිම්නද දුන් නිසා
හීතල නැසේවි
පාමුල වැටේවි
ආයෙත් ඉපදේවා කියා
මිහිරියේ නුඹේ
මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
සොඳුරු සොඳුරු අනතුරුම වෙනවනම්
අඳුර අඳුර මිහිරිදැයි මොනතරම්
මාගේ ළයේහි තාමත් රිදේවි
සඳරැස් හී සැර වැදීලා
මා නෙතු පියේවි
නිදි නම් නොඒවි
හිත රෑ අහසේ විසි කළා
මිහිරියේ නුඹේ
මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා
මිහිරේ නුඹේ
මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
මේ ආදරය තමා
ගායනය - අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරි
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක
Поcмотреть все песни артиста
Other albums by the artist