Sangeeth Wijesuriya - Samanal Yaluwe lyrics
Artist:
Sangeeth Wijesuriya
album: Best of Sangeeth Wijesuriya
නුඹේ පෙම් ලෝකේ
සුවය විඳින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී
ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ
බාධා අනන්තයි
වැට කඩුළු සීමා මායිම් බොහෝමයි
හමුවන්න වත් නෑ නිදහසේ
ග,ප,ම,ග,රි,නි,ස
නුඹේ පෙම් ලෝකේ
සුවය විඳින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී
ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
♪
ප්රිය සාදයේ දී මා ගී ගයද්දී
ඇය ඉන්නවා නම් ළඟ හොඳයි
ක්රීඩා ලොවේ දී මා ජය ලබද්දී
ඈ දකිනවා නම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ
අනෙ තවත් නෑනේ
ඒත් කෝ නෑනේ
අනේ තවත් නෑනේ
ලැබුණේ නෑ අවසරේ
ඔබ ලඟින් නෑ මගේ
නුඹේ පෙම් ලෝකේ
සුවය විඳින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී
ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
♪
සති අන්තයේදී සිනමාහලේ දී
හමුවන්න ඇත්නම් මා ප්රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ
පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ,හෝ, කෝ නෑනේ
අනේ තවත් නෑනේ
ඒත් කෝ නෑනේ
අනෙ තවත් නෑනේ
ආවේ නෑ ඈ අනේ
තනිව මා මගේ ලොවේ
නුඹේ පෙම් ලෝකේ
සුවය විඳින සමනල් යාලුවේ
මටත් පෙම්වන්තී
ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ
බාධා අනන්තයි
වැට කඩුළු සීමා මායිම් බොහෝමයි
හමුවන්න වත් නෑ නිදහසේ
ග,ප,ම,ග,රි,නි,ස
Поcмотреть все песни артиста
Other albums by the artist