Sangeeth Wijesuriya - Ra Ahase lyrics
Artist:
Sangeeth Wijesuriya
album: Best of Sangeeth Wijesuriya
රෑ අහසේ සඳ නැගිලා
ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි උණුසුමට නටයි
කෝල පිනි පොදේ පෑයු සඳ වතේ
නීල නෙත් යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ
ඊට මායිමක් නෑනේ
කෝල පිනි පොදේ පෑයු සඳ වතේ
නීල නෙත් යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ
ඊට මායිමක් නෑනේ
රෑ අහසේ සඳ නැගිලා
ඔබ පහසේ මා හද බැඳිලා
♪
මී බිඳු විසිරේ නිල්මිණි නෙතු සඟලේ
දැල්වේ
සීතල කොපුලේ තාලෙට පිනි ඇතිරේ
මල් සේ
වින්ද ආදරේ සේනා
රන්දු ජීවිතේ මායා
නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ
රෑ අහසේ සඳ නැගිලා
ඔබ පහසේ මා හද බැඳිලා
♪
සෝ ගී විරළයි පෙම් ගී වැල් මිමිණේ
මා හදේ
රන් පැහැ ලමැදයි එහි අම සුව ඉතිරේ
සුව දේ
එන්න යන්න අද මා හා
දිව්ය දෙව්දුවක් වීලා
රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ
රෑ අහසේ සඳ නැගිලා
ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි උණුසුමට නටයි
හා-හ-හ-හා, හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්
හා-හ-හ-හා, හ්ම්-හ්ම්ම්ම්
Поcмотреть все песни артиста
Other albums by the artist