Priyantha Fernando - Maa Baala Kale lyrics
Artist:
Priyantha Fernando
album: Maa Baala Kale - Golden Oldies, Vol. 11
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීන වූයේ මෑණි මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමී
මට තාම සිහි වෙයි ඇගේ ගීත නාදේ
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
මා බාල කාලේ...
ඉගෙනීම ඔබගේ ධනයයි සිතාලා
ඉවසීම, කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා, මද, මාන, ඊර්ෂ්යා
මේ වාගේ මට ඈ අවවාද දුන්නා
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
මා බාල කාලේ...
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැකුම ඇත්තේ පුතුගේ අතේ
නංවාලා ස්නේහේ රට දෑ කෙරේහි
රැකගන්න හැමදා ඇගේ නාමෙ පුතුනේ
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීන වූයේ මෑණි මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමී
මට තාම සිහි වෙයි ඇගේ ගීත නාදේ
මා බාල කාලේ අම්මාගේ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහි වේ
මා බාල කාලේ...
Поcмотреть все песни артиста
Other albums by the artist