Harshadewa Ariyasinghe - Walakulu Pelin Basinna lyrics
Artist:
Harshadewa Ariyasinghe
album: Walakulu Pelin Basinna
වලාකුළු පෙලින් බසින්න
ඇවිත් මල් ගැඹේ නිදන්න
චන්ද්ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මටද ආදරේ
අසාවී මෙසේ තුන්යම
දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹ ගැඹ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹ ගැඹ
පතා ඉන්නෙමී සඳ වත
ඔබගෙ ආදරේ
නුඹට ආදරේ
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
රැදී ඉන්නෙමී සැම දින
අහස් ගං කුසේ
දෙව්ලියක් ලෙසේ
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
Поcмотреть все песни артиста
Other albums by the artist