සුදට සුදේ වලාකුලයි
නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පනිවිඩයයි
පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
සුරන්ගනා වනුයි වලා
කුලු ඔසවාගෙන එන්නේ
හඳ මාමයි සිනා සිසී
රිදීපාර අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
හන්දපානේ මඳ සුලගයි
එපනිවිඩය කියවන්නෙ
අහසේ රන් තරු අකුරින්
දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
තව මුහුනකි පුතුගෙ වගේ
කන්දේහී බැබලෙන්නෙ
ඒ මූනයි මේ මූනයි
තව ටිකකින් සිප ගන්නෙ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
අවසානයි
Поcмотреть все песни артиста
Other albums by the artist