හොඳම දේ තියෙන්නෙ සැඟවිලා
වළාකුලෙන් එහා ඉමේ
පුංචිකාලේ එහෙම ඇහිලා
හීන මවලා මවලා
මම යන්නෙ පුරුද්දට වගේ
ජීවිතේ ගලා බසින් මොනවා වෙයිද දන්නෙ නෑ
එහෙම දැනිලා සතුටු වෙන්න
වැඩක් කරනවා නම් ඊට වැඩිය දෙයක් නෑ
අපි විසින්ම අපි විනාස වී යන්න
බලලා බලලා ගත්ත එකවගේ
එහෙම හිතිලා ඒක දිහා පිටින් බලන්න වෙයි
හොයන්න හරිම උත්තරේ
ආදරේ පැටලිලා ගිය දේවල්
අගක් මුලක් නැහැ වගේ
නිදහසේ හැදෙන්න දෙන්න ඕනා
මිනිස්සුන්ට ආකහේ තරු වගේ
හිනාවෙන්න ඕනතරම දේවල් තිබුණත් වටකරගෙන
ඒවා නිකන් ඡායාවල් මායාවේ දකින
ගලා යන්න එම හැමටම ඇයි සෙනෙහස ඉටු කරගෙන
මුලාවෙන් නැති එකම හොඳයි වඩා හැමදේටම
කාලා බීලා අඬලා බලලා නටලා නටලා
බලෙන් වගේ විඳපු දේ
කාලයේ ඇතුලෙ කැරකි කැරකි මැකිලා යන්නෙ
හරියට ජීවිතේ වගේ
හුස්ම ගන්නවා හුස්ම හෙලනවා
එදා ඉඳන් අද වෙනතුරු ඒක කෙරෙනවා
එළියෙ නටනවා කාබී අඳුරේ නටනවා
හඳ අරගෙන ඉර වටේට සවාරි යනවා
හොඳම දේ තියෙන්නෙ සැඟවිලා
වළාකුලෙන් එහා ඉමේ
පුංචිකාලේ එහෙම ඇහිලා
හීන මවලා මවලා
මම යන්නෙ පුරුද්දට වගේ
Поcмотреть все песни артиста
Other albums by the artist