Kishore Kumar Hits

Methun SK - Thaniyama lyrics

Artist: Methun SK

album: Thaniyama


රාත්රියක ඇති අරුමය කිමැයි සිතා
බලා සිටියා මම තනියම අහස දිහා
අන්ධකාරේ පහසක තුරුළු වෙලා
හඳ එලිය වින්දේ තනියම
තරු ගණන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

ආත්ම දහසක උරුමය ඔබයි සිතා
බලා හිටියා තව භවයක් ඇතයි කියා
මං මුලාවූ හැඟුමක තුරුළු වෙලා
ගව් ගණන් දුර ආවේ තනියම
දින ගණන් කෙරුවේ තනියම
එදින නොඑනා බවද දැනගෙන
කඳුළු බිඳුවක් වැටුණේ තනියම
රාත්රියක ඇති අරුමය කිමැයි සිතා
බලා හිටියා අපි දෙතැනක අහස දිහා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists