Prasanga Thissera - Piyum Vile lyrics
Artist:
Prasanga Thissera
album: Divyanganawee
පියුම් විලේ සිහිල් දියේ
සොයා ඇදෙන්නම් ආදරී
බලාගෙනයි මල් සුමුදුයි
හරි පරිස්සමෙන් මගේ මලේ
කෝල වෙවී ආලේ වෙලී
පෙරුමන් පිරුවා ඉතින් අනේ දැන්නම් ඇති
සිහින ගඟේ පාවෙද්දි ඔහේ
දෝරේ ගලයි ගං දෑල බිඳී
පියුම් විලේ සිහිල් දියේ
සොයා ඇදෙන්නම් ආදරී
තරු එළිය පේවී
මල් සුවඳ දේවි හැමදා, හැමදා
සඳවතිය වේවී
සඳ දිය උතුරාවී නහවා, නහවා
දේදුන්නේ නැඟිලා නුඹ එන්නේ
හද විල් තෙරේ මල් පීදෙන්නේ
පියුම් විලේ සිහිල් දියේ
සොයා ඇදෙන්නම් ආදරී
බලාගෙනයි මල් සුමුදුයි
හරි පරිස්සමෙන් මගේ මලේ
♪
ළතැවුල් නිවන්නම්
ළෙන්ගතුව ඉන්නම් ලං වී, ලං වී
ඔබගේම වෙන්නම්
පණ හරි දෙන්නම් කියාවි, කියාවී
ආදරෙයේ හැටිනම් අරුමයි
දුක් ගින්දර අඩු නෑ, බෝමයි (බෝමයි)
පියුම් විලේ සිහිල් දියේ
සොයා ඇදෙන්නම් ආදරී
බලාගෙනයි මල් සුමුදුයි
හරි පරිස්සමෙන් මගේ මලේ
කෝල වෙවී, ආලේ වෙලී
පෙරුමන් පිරුවා ඉතින් අනේ දැන්නම් ඇති
සිහින ගඟේ පාවෙද්දි ඔහේ
දෝරේ ගලයි ගං දෑල බිඳී
පියුම් විලේ සිහිල් දියේ
සොයා ඇදෙන්නම් ආදරී
Поcмотреть все песни артиста
Other albums by the artist