Pasan Liyanage - Sanda Du lyrics
Artist:
Pasan Liyanage
album: Sanda Du
ලයඟින් උපන්
හස මල් අරන්
දෙලවන තබා ස්නෙහයෙන්
නුබ මිණි පහන්
දෝතින් අරන්
පැළඳූවා උවනතේ
වැහි කෝඩයෙන්
නොතෙමා හොරෙන්
ඉර කිනිති හංගා ලයේ
මහමෙර තරම්
දුන් ස්නෙහයේ
සිහින බොඳ වී ලයේ
මේ කුලු එවා
හසනිය සලා
නුඹ බෝම හැඬුවා නිතී
සඳ දූ මගේ
සුසුමන් වරා
සුරඹුන් තුරුල්ලේ නිදී
ලය ගිනි නිවූ
සිලිලාරිණී
සල්ලාල ගින්නේ දවා
ඉඟිලී ගිහින්
සාහස බිඟුන්
නෙළුමියක පෙති සිඳ දමා
මොර දුන් හැඬුම්
පිළිරැව් අරන්
විල් හුලඟ හමනා තරම්
උහුලා දරන්
ඉනු කෝම මං
මගෙ මැණික පවසන් වරක්
සංසාරයේ
නොයෙනා ගමන්
නෑ මැණික බය නෑ ඉතින්
සඳ දූ මගේ
නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමි ලඟින්
සංසාරයේ
නොයෙනා ගමන්
නෑ මැණික බය නෑ ඉතින්
සඳ දූ මගේ
නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමි ලඟින්
සංසාරයේ
නොයෙනා ගමන්
නෑ මැණික බය නෑ ඉතින්
සඳ දූ මගේ
නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමි ලඟින්
Поcмотреть все песни артиста
Other albums by the artist