Stereomiinds - Kanna lyrics
Artist:
Stereomiinds
album: Athmaye Ma
(මා සිර කළ ඒ මාළිගයේ)
(මේ පැලේ නුඹේ උරතලයේ)
නීල නයන මුදු කෙහෙරැලි රේඛා
ආල වඩන නලලත රන් තිලකා
පීන පයෝදර හීලෑ කරනා
සේල දුහුල් මන සලෙලුන් ගැටුනා
නාරි ශ්රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අඟනුන්පුර සිර කල
මම නුඹෙ, කණ්නා
මම නුඹෙ කණ්ණා...
නුවර'ත සිරි සර විදින'තරේ, ඔබ
වත මගෙ හිත ගැඹුරෙ ම සැතපේ
නුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳ
නුඹ රුව ගැන දැන් දැන් දොසක් සිතේ
සේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදී
පාද නිතඹ හිස වනනා, ඔහු ඇස දොස නෑ රැදී
වාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදී
මාද සිතේ සිර කල නුඹෙ, රූපෙ සෙමින් යයි ඇදී
මා සිර කළ මේ මාළිගයේ
පාලුව මා ගත දැවටූයේ
මා පැලේ නුඹේ උරතලයේ
සෙනේ සඳයි හද අම්බරයේ
වැනුම් සරින් බැලු මිස ඒ සේයා
හැගුම් සභාගත වී නුඹ ගාවා
රැගුම් අනෙක් උන් නැත සිරි මේසා
සිතින් නුඹව ඇද පබදිමි ගීතා
නාරි ශ්රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අඟනුන්පුර සිර කල මම නුඹෙ, කණ්ණා
වනමින් අගනුන් උන් හැඩ පෙන්නා
මගෙ සිරි මදිකම් පදකරලන්නා
කෝප නොවෙමි මා, නුඹ සිත දන්නා
නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදා
මා එය දන්නා
නාරි ශ්රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල
මම නුඹෙ, කණ්ණා
මගෙ ගී රස පිනවන අතරේ
නුඹෙ රූ රජු සිත තුළ කැලල් කරේ
ඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙන
නැවතත් ගමටම පිටත් කරේ...
සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතී
සාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතී
වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතී
මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී...
මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ
මම නුඹෙ
මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ
මම නුඹෙ කණ්ණා ...
Поcмотреть все песни артиста
Other albums by the artist