හැමෝම බලන්නේ දෙයියෝ දෙනකං අතට
කුරුමානම ගොඩක් උංගේ බං කෘන්තක දතට
අනිත් සේරම පැත්තක පෙම් බඳින්නේ මතට
ගේමක් ගහන්න නැගිටලා මදී කොල්ලෝ හතට
උත්තර හොයගන්න ඕනේ අපි ප්රශ්නේ තුලිං
කම්මැලි කම ගලවලා දාපං අඩෝ මුලිං
අලුත් ගමනක් පටංගන්න එන්න පිලිවෙලිං
අද තිබුන අනාගතේ ඇද වෙන්න කලිං
පරන දේවල් අහකටම දාලා වරෙං
යන්න හිතාන ඉන්නවනං කාගෙහරි කරෙං
අනාගත පොත තීරනේ නොකරන් කවරෙං
ගේම ගහපං දෙපාරක් නෙමේ ඩෝ එක සැරෙං
ඉන්නකං කන්නේ නෑ කාගේං වත් පිනට
කෑවේ වවං
අනුංගේ දේවල් උදුරගෙන දැම්මේ නෑ තවං
තමං දේ කරපං කැපවේලා මහන්සියෙං
එදාට දෙයියොත් බිමට බැහැලා ගහයි පවං
වට්ටන්න බෑ තමංගෙ හයියේං නැගිට්ටොත් නං ලොවෙත්
අල්ලන්න බෑ මාවනං කවුරු දඟ දැම්මත් කොහෙත්
ඉන්නට හිතක් නෑ මග කවදාවත් රැඳිලා
මගෙ හිතේ අද මගෙ අනාගතෙ ඇඳිලා
අත හොල්ලපං කට හෙල්ලෙන්නේ එවිට
නැත්තං හිත හදන්න වෙන්නේ අරං කෙවිට
තනියම යමං පලැති රුකටමයි ගල්
ගහන්නේ ඒවා විඳපං වගේ සුන්දර මල්
25හේ මම ඉන්නේ.
65හෙන් ගන්නේ.
මගේ හීන වල මගේ කාර් එකෙන් යන්නේ.
උදේ වෙද්දී ඒවා හැමදේම වෙලා ෆැන්ටසි.
නැගිටපන් 5 වෙද්දී කම්මැලිකම දැන් ඇති.
මාලිගාවේ ඉන්නේ.
මදුවිත ගන්නේ.
නලගනන් සුදු ඇදන් වටේ කැරකෙන්නේ.
තරුණ්යේ පොපියන චමත්කාරේ.
ගැහුවොත් යන්න වෙන්නේ රට වටේ නනත්තාරේ.
වෙලාවක් කලාවක් නෑ මට හොයන්න ඔයා ගැන මගේ තැටිය රත්කරන්.
මගේ පාරේ මන් place කරන්.
නවතන්න බෑනේ කාටවත් තැත් කරත්.
හිනාවෙල ඉන්නේ දවසින් වැඩිම හරියක් දුක හිතුනත් රත්තරන්.
වසනාව නෑ නේ කෙතරම් පින්කරත්.
අපි ගැන දන්නේ අපිමයි ඉස්තරම්.
නිකං බලං දැං හිටියා ඇති
බලන හැම තැන ලස්සන කරොත්නම් ගති
හොයන්න සල්ලි
මනුස්සකමනම් දෙන්නෙපා
නැති කරගන්නෙපා මොකක් නැතිඋනත් මනුස්ස ගති
කට ඇරං බලං හිටියා ඇති
දෙන්නෙ නෑ ගන්න ඕන හැමදේම
ඒකයි මේ හැටි දුවන්නෙ හීන පස්සෙ
හොයන්න සැප නෙවෙයි රුපියල
රුපියල අතේනම් ජීවිතේම පොපියන
යෞවනේ චමත්කාරේ
බලං ඉන්නෙපා නැති වෙනකං අන්දකාරේ
නවතින්නෙපා නන්නත්තාරේ
මගෙ ජීවිතේ නැකැත් මාගේ
චමත්කාරේ
බලං ඉන්නෙපා නැති වෙනකං අන්ධකාරේ
නවතින්නෙපා නන්නත්තාරේ
මගේ ජීවිතේ නැකැත් මාගේ
ගලවන්න හදවත තියන්න පැත්තකින්
මොලේ ගන්න අතට කතා කරන්න ඇස්වලින්
රට යන්න දගලනවා තව පිරිසක්
ඉස්කෝලේ ඉවරවෙලා තාම ටික දවසක්
මගෙ කම්පැනියේ CEO මං වෙන්න
කුසලානේ දුරයිනම් ට්රයි කරන්න ලංවෙන්න
දැං රැප් කරන කොල්ලො තාලෙට පැද්දෙන්න
මේකයි වතාව උඹේ හීනෙට ලං වෙන්න
ගන්නෙපා සල්ලි වලිං මුදු රත්තරං
Mic එකයි Sub එකයි ගාන මට රැප් කරං
මගෙ ගමන මගේ පාරේ Place කරං
රැප් හීන පාරෙ යන්නෙ අමිල අයියා රත්තරං
පැත්තෙං හිටියත් ගේමට ඉස්තරං
ගොඩක් අය බලං ඉන්නෙ යනකං මං pack කරං
Please මටනං නෑ වෙලාවක් රත්තරං
උබ ගැන හොයන්න මගෙ තැටිය රත් කරං
වෙලාවක් කලාවක් නෑ මට හොයන්න ඔයා ගැන මගේ තැටිය රත්කරන්.
මගේ පාරේ මන් place කරන්.
නවතන්න බෑනේ කාටවත් තැත් කරත්.
හිනාවෙල ඉන්නේ දවසින් වැඩිම හරියක් දුක හිතුනත් රත්තරන්.
වසනාව නෑ නේ කෙතරම් පින්කරත්.
අපි ගැන දන්නේ අපිමයි ඉස්තරම්.
Поcмотреть все песни артиста
Other albums by the artist