Charitha Attalage - Sonduru Siththam lyrics
Artist:
Charitha Attalage
album: Ridma Weerawardena
මුවගේ හසකැන් දිලුනේ
නෙතඟේ කඳුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ
සැනසූ වදනින් දෙඩුවේ
දසුනින් නොමැකී රැඳුනේ
රිදෙනා සිතමයි හැදුනේ
නොබිඳී සසරේ බැඳුනේ
ඇසුරේ ඔබමයි පැතුවේ
එකසේ දෙහදක් පිදුනේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා
ඇරයුම් කළා
විකසිතව ළං වෙලා
සුවඳකට මුසූ වෙලා
රහස කොඳුරා කියා
ඔච්චම් කළා
♪
නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුනේ
මතකේ රඳවා සොඳුරුම යාමේ
හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන ආවේ
කතරට වැටෙනා පොද වැහි වාගේ
දෙහදක් පතලා සිත් මල් යාමේ
පියමැන අපි යමු පැහැසර යාමේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා
ඇරයුම් කළා
විකසිතව ලං වෙලා
සුවඳකට මුසූ වෙලා
රහස කොඳුරා කියා
ඔච්චම් කළා
Поcмотреть все песни артиста
Other albums by the artist