Charitha Attalage - Galana Ganga lyrics
Artist:
Charitha Attalage
album: Galana Ganga
Ya
Ravi Jay
Charitha
Westනාහිර
♪
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑ නේ
ඔබේ රූ වරුනේ
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑ නේ
ඔබේ රූ වරුනේ
ලෞකික සැප
කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මග කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
විදනසින් වැද රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑ නේ
ඔබේ රූ වරුනේ
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑ නේ
ඔබේ රූ වරුනේ
Поcмотреть все песни артиста
Other albums by the artist