Kishore Kumar Hits

Tharindu Damsara - Heena Podi lyrics

Artist: Tharindu Damsara

album: Heena Podi


හීන පොදි බඩ බැඳන්
රෝස උයනට වැදී
රෝස කැකුලක් නෙළන්
මවක ආයෙම වඩී
මායිමෙ ඈ පෙනෙන
නොපෙනෙනා ලෙස හිඳී
පියෙකු විඳි විලිරුදා
අකුරු මත නැත රැඳී
අරුණැල්ලෙ ආ හිරුත්
සවස මුහුදට බසී
සියොතුන්ද වෙහෙස අග
කැදැල්ලක සුව විඳී
රැයෙත් පිඹ දහදියට
තනනු වස් දෑවැදී
තාත්තෙක් වැඩපළක
නිදි නැතිව වැඩ ඇතී
මඟුල් දා පෝරුවට
යන දුවක අත රැඳී
කටුව වී නටුව මත
මල රැකපු අත ඇතී
හදවතම කඩා වෙන
අතක දවටන හැටී
පියෙකුගෙ ඇස් අගට
කඳුළෙ පින හිමි නැතී
නිමක් නැති අහස් කුස
හුදකලා තරු ඇතී
දැවී ගිය මුත් පොරණ
අද ද එළි විහිදතී
වැඩ නිසා අතපසුව
ගියද මතකෙන් මිදී
කොහෙ හෝ බිම්කඩක
තාත්තා නිදි ඇතී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists