Kishore Kumar Hits

La Signore - Mata Rawana lyrics

Artist: La Signore

album: Mata Rawana


මට රවනා මුහුණත් අතරේ
නුඹ පෙනුනා කොනකින් වාගේ
නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ
එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ
මට රවනා මුහුණත් අතරේ
මා උදුරාගත් හාදුවේ
නැමි සැලුනා හැම ස්වරයම මගෙ හදේ
ඒ හුස්මට මුසු වූ නුඹේ
නෙත නිවුනේ
මට රවනා මුහුණත් අතරේ
රෑ අහසට බර වූ සඳේ
නුඹ වැටුනා මගෙ පාමුල ඒ පැයේ
සිත්තරු ඇඳි සිතුවමේ
නුඹ උන්නේ
මට රවනා මුහුණත් අතරේ
නුඹ පෙනුනා කොනකින් වාගේ
නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ
එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ
මට රවනා මුහුණත් අතරේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists